
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා දකුණු පළාතේ සංචාරයක නිරත වී තිබේ.
ඒ අනුව සන්තෝෂ් ජා මෑතකාලයේ දකුණු පළාතේ ස්වාධීන සංචාරයක නිරත වූ පළමු ඉන්දීය මහ කොමසාරිස්වරයා යි.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අනුව, සන්තෝෂ් ජා ඉකුත් 6 සහ 7 යන දෙදින තුළ ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පැවැති සුබසාධන කටයුතු කිහිපයකටම සහභාගී වී ඇත.
එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉකුත් 06වැනිදා දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ හමුවී ඇති අතර, ඉන්දියානු රජය විසින් කලාපය තුළ සිදුකරන ලද ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කර ඒවා පිළිබද සාකච්ඡා කර තිබේ.
එහිදී ඉන්දිය රජයෙන් ප්රදානය කෙරෙන ආධාර මෙන්ම ආයෝජන මගින් දකුණු පළාතේ ජනතාව වෙනුවෙන් තවත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද ඉන්දීය මහ කොමසාරිස්වරයා කැමැත්ත පළකර ඇත.
දකුණු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සදහා ඉන්දීය රජය දක්වන දායකත්වය වෙනුවෙන් එහිදී දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට ස්තුතිය පුදකර තිබේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart