August 17, 2026

ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙම සංචාරයේදී දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

දිවයිනට පැමිණෙන ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා හමුවීමට නියමිතව තිබේ.

දෙරට අතර ඒකාබද්ධ හමුදා මෙහෙයුම් වැඩිදියුණු කිරීම, පුහුණු වැඩසටහන් ව්‍යාප්ත කිරීම සහ කලාපීය ආරක්ෂක අභියෝගයන්ට මුහුණදෙන ආකාරය පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුකිරීමට නියමිත බව පැවසේ.