
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ඉන්දිය ක්‍රිකට් කණ්ඩායම කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට විස්තාරා ගුවන් සේවයේ යු.කේ.- 6107 දරන විශේෂ ගුවන් යානයෙන් අද පස්වරු 03.54ට ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ 25 දෙනෙක් සහ නිලධාරීහු 10 දෙනෙක් දිවයිනට පැමිණියහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් සමන්විත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 27, 28 සහ 30 යන දිනවලදී රාත්‍රී 07ට මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ඉන්පසුව කොළඹ ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු මම 2, 4 සහ 7 යන දින තුන තුළ පස්වරු 02.30ට එක්දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබේ.
කෙසේවෙතත්, ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් නම් කර නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart