
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
(Tony Karumba/AFP/Getty Images)
ඉන්දියානු සම්භවයක් සහිත අජේ බංගා නව ලෝක බැංකු ප්‍රධානියා ලෙස පත්වීමට නියමිතය. 63 හැවිරිදි බංගා පෙබරවාරි මස අගදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් විසින් එම තනතුර සඳහා නම් කරන ලදී.
ට්‍රම්ප් පරිපාලනයේ සේවය කළ ආර්ථික විද්‍යාඥයකු සහ හිටපු එක්සත් ජනපද භාණ්ඩාගාර නිලධාරියකු වන ඩේවිඩ් මැල්පාස් එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය. බංගා නව ධූරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ලබන ජූනි 02 වැනිදාය.
ලෝක බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පසුගිය සඳුදා පැය හතරක් බංගා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසුව මෙම පත්කිරීම ස්ථිර කර තිබේ.
අජේ බංගා ලෝක බැංකු සභාපති තනතුරට විශේෂඥභාවය, අත්දැකීම් සහ නවෝත්පාදන ගෙන එන පරිවර්තනීය නායකයකු වනු ඇති බව ඇමෙරිකානු ජනපති බයිඩන් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart