
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවකු වූ මුරුගන් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ඔහුව එක්සත් රාජධානියට පිටුවහල් කල නොහැකි බව මදුරාසි මහාධිකරණය ප්‍රකාශ කර තිබේ.
මුරුගන් දැනට තිරුචි හි විදේශිකයන් සඳහා වූ විශේෂ කඳවුරක රැඳී සිටී.
මුරුගන් විසින් ඉන්දියාවෙන් පිටවී තම දියණිය සමඟ එක්සත් රාජධානියට යෑමට සංචාරක ලියකියවිලි නිකුත් කරන ලෙස ඉල්ලා සිටි නමුත් එවැනි අවසරයක් හෝ පිටවීමේ නියෝගයක් නිකුත් කළ නොහැකි බව මදුරාසි මහාධිකරණය ප්‍රකාශ කර ඇත.
ඔහුගේ මව්රට වන ශ්‍රී ලංකාවේ අනුමැතිය ලැබෙන්නේ නම්, ඔහුව ශ්‍රී ලංකාවට නැවත ගෙන්වා ගැනීමට හැකි බව ප්‍රකාශ වී ඇත.
මේ සම්බන්ධයෙන් විදේශිකයන් ලියාපදිංචි කිරීමේ නිලධාරියා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර ඇති අතර, එම ලිපි ලේඛන ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත යොමුකර ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පවසා තිබේ.
ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පෙත්සම්කරුට විදේශ ගමන් බලපත්‍රයක් හෝ ගමන් ලියකියවිලි නිකුත් කරන්නේ නම් පමණක් තම මව් රටට යෑමට ඔහුට පිටවීමේ නියෝගයක් නිකුත් කළ හැකි අතර, පිටවීමේ නියෝගය වෙනත් කිසිදු රටකට ලබාදිය නොහැකි බව වැඩිදුරටත් ප්‍රකාශ වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart