
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්රස්තවාදී තර්ජනයන්ට එරෙහිව සටන් කිරීම මෙන්ම ජාතික හා කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට ඉන්දියාව සහ උස්බෙකිස්ථානය එකඟතාවකට පැමිණ ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්යාංශය පවසයි.
ත්රස්තවාදයට එරෙහි ජාතීන් දෙකෙහි එකාබද්ධ ක්රියාකාරී කමිටුවේ 10 වන රැස්වීමේදී දෙපාර්ශවය අතර මෙම සාකච්ඡා පවත්වා ඇත. ඔක්තෝබර් 22 වනදා නවදිල්ලි නුවරදී පැවැත්වුණු මෙම හමුවේදී, ක්රියාත්මක වන සහ නැගී එන ත්රස්තවාදී තර්ජන මෙන්ම ත්රස්ත කණ්ඩායම්වලින් එල්ල වන බලපෑම් පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.
අන්තවාදය සහ අන්තවාදී අදහස් පැතිරීම වැළැක්වීම, ත්රස්තවාදය සඳහා මුල්ය ප්රතිපාදන සැපයීම අත්හිටුවීම සහ ත්රස්තවාදී කටයුතු සඳහා තාක්ෂණය අවභාවිත කිරීම වැළැක්වීම ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇත. මීට අමතරව, ජාත්යන්තර සංවිධානාත්මක අපරාධ සහ ත්රස්තවාදය අතර පවතින සබඳතා පිළිබඳව ද දෙපාර්ශවය කරුණු විමර්ශනය කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්යාංශයට අනුව, තොරතුරු හුවමාරු කරගැනීම, අදාළ ආයතනවල ධාරිතාව ඉහළ නැංවීම සහ ත්රස්තවාදයට එරෙහිව අනුගමනය කරන හොඳම ක්රියාමාර්ග එකිනෙකා අතර හුවමාරු කරගැනීම මගින් ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට රටවල් දෙකම මෙහිදී අවධාරණය කර ඇත. තවද, දෙරටේ ආරක්ෂක අංශ සහ අදාළ අනෙකුත් බලධාරීන් අතර සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ප්රාදේශීය ත්රස්ත විරෝධී ව්යූහය සහ මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි යුරේසියානු කලාපීය සංවිධානය යන ජාත්යන්තර ආයතන තුළ ද අඛණ්ඩව එකමුතුව කටයුතු කිරීමට ඉන්දියාව සහ උස්බෙකිස්ථානය මෙහිදී තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart