
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව හා එක්සත් ජනපදය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම හා ත්‍රස්තවාදයට එරෙහි සහ ආරක්ෂක වසම් පිළිබඳ අඛණ්ඩ සහයෝගීතාව පිලිබදව ඊයේ පැවති ස්වදේශ ආරක්ෂක සංවාදයකදී සාකච්ඡා කර තිබේ.
ඉන්දියාව-අමෙරිකානු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ස්වදේශ ආරක්ෂක සංවාදය නවදිල්ලියේ දී පැවැත්විණි.
ඉන්දීය රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්වදේශ ලේකම් අජේ භල්ලා සහ එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වැඩබලන නියෝජ්‍ය ලේකම් ක්‍රිස්ටී කැනගලෝ විසින් නියෝජිත පිරිසට නායකත්වය දෙන ලදී.
ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩ අන්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම සහ ප්‍රවාහන ආරක්ෂාව සහතික කිරීම සඳහා ද්විපාර්ශ්වික ප්‍රයත්නයන් ශක්තිමත් කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳව එම පිරිස සාකච්ඡා කර ඇත.
ආරක්ෂිත සහ නීත්‍යානුකූල සංක්‍රමණය, නීතිවිරෝධී සංක්‍රමණ, මිනිස් ජාවාරම්, මුදල් විශුද්ධිකරණය, සයිබර් අපරාධ සහ සයිබර් වසම අනිසි ලෙස භාවිතා කිරීම සඳහා පියවර ගනිමින්, දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart