
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර යාත්‍රා සේවා ආරම්භ කිරීමට ආසන්න බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා පවසා තිබේ.
2024 පෙබරවාරි මාසය අවසන් වීමට පෙර එම සේවාව ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කර ඇත.
ආර්ථික ප්‍රතිලාභවලින් ඔබ්බට ගොස් කලාපය සමෘද්ධිමත් කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කරමින් සංචාරක ව්‍යාපාරය, හෝටල් සංවර්ධනය සහ නව කර්මාන්ත නඟාසිටුවීම මෙමගින් අපේක්ෂා කෙරේ.
දේශසීමා හරස් මාර්ගයන්හි ජැටි අලුත්වැඩියා, රේගු සහ ආගමන පහසුකම් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ඉන්දීය මහකොමසාරිස්වරයා අවධාරණය කර ඇත.
එසේම, ඉන්දියා-ශ්‍රී ලංකා හවුල්කාරිත්වය සඳහා දැනට ක්‍රියාත්මක ගොඩබිම් පාලම් ව්‍යාපෘතිය පිළිබඳව ද හෙතෙම සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart