
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක කාන්තා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලද ඉනිමක ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.
චෙන්නායි හි පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය පලමු ඉනිම අත්හිටවනු ලැබුවේ කඩුලු 06ක් දැවී ලකුණු 603ක් ලබාසිටියදීය.
මිට පෙර දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව වැඩිම ටෙස්ට් ඉනිමක ලකුණු ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම වාර්තා කර තිබුණේ, ඉනිම අත්හිටුවමින් කඩුලු 09ට ලකුණු 575ක් ලබාගනිමිනි.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව වාර්තාගත ටෙස්ට් ඉනිම පිහිටුවීමට ෂාෆාලි වර්මා ලබාගත් ද්විත්ව ශතකය සුවිශේෂී විය.
එම ද්විත්ව ශතකය ලෝක කාන්තා ටෙස්ට් ඉතිහාසයේ වාර්තාවූ 10 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය විය. ඇය පන්දු 197කදී ලකුණු 205ක් ලබාගත්තාය.
ඊයේ තරගය දෙවැනි දිනට පැවත්වූ අතර එහිදී පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කඩුලු 04ට ලකුණු 236 වාර්තා කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart