
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය දැක්වූ විරෝධයක් සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දක්වා තිබේ.
චීනය එලෙස විරෝධය පළ කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉකුත් දා අරුණාචල් ප්‍රදේශ් වෙත සිදු කළ සංචාරයක් සඳහායි.
කෙසේවෙතත් චීනය දැක්වූ විරෝධය සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිෂ්වාල් ප්‍රතිචාර දක්වා තිබේ.
ඔහු පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ අරුණාචල් ප්‍රදේශ් සංචාරය සම්බන්ධයෙන් චීන පාර්ශ්වයෙන් කරන ලද ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි.
ඉන්දීය නායකයින් වරින් වර අරුණාචල් ප්‍රදේශ් වෙත පැමිණෙන අතර එය ද අනෙකුත් ප්‍රාන්තවල සිදු කරන සංචාර වැනි සාමාන්‍ය සිදුවීමක් බව ඔහු පවසා තිබේ.
එවැනි සංචාරවලට හෝ ඉන්දියාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට විරුද්ධ වීම සාධාරණ නොවන බව ද ඔහු පවසයි.
අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය පැවති, පවතින, සහ සැමවිටම ඉන්දියාවේ ඒකාග්‍ර සහ වෙන් කළ නොහැකි කොටසක් බවට වන යථාර්ථයද වෙනස් නොවන බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිෂ්වාල් පවසා තිබේ.
මෙම ස්ථාවරය පිළිබඳව චීන පාර්ශ්වය අවස්ථා කිහිපයකදීම දැනුවත් කර ඇති බව ද ඔහු අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart