
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් සහ ඉන්දීය ධීවර යාත්‍රාවක් එකිනෙක ගැටීමෙන් ධීවරයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව අද (01) ශ්‍රී ලංකාවට දැඩි විරෝධයක් පළකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නිල වශයෙන් විරෝධතාව පළකිරීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අද උදෑසන ඉන්දියාවේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රියංගා වික්‍රමසිංහ කැඳවා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පසුගිය ජූලි මාසයේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික හමුදා සෙබළකු මියයෑමේ සිද්ධියක්ද වාර්තා විය.
අද අලුයම කච්චතිව් දූපතට නාවික සැතපුම් පහක් උතුරින් පිහිටි ස්ථානයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් සහ ඉන්දීය ධීවර යාත්‍රාවක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
“යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් හතර දෙනාගෙන් එක් අයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු අතුරුදන්ව ඇත” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
ධීවරයින් දෙදෙනකු බේරාගෙන කන්කසන්තුරේ ගොඩබිමට රැගෙන එනු ලැබූ අතර, අතුරුදන් වූ ඉන්දීය ධීවරයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරීන්ට කන්කසන්තුරේ වෙත ගොස් ධීවරයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට හැකි සෑම සහයක්ම ලබාදෙන ලෙසට උපදෙස් ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart