
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මූල්‍ය බර ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට සිය ණය ආපසු ගෙවීමට වසර 12ක සහන කාලයක් ලබාදීමට ඉන්දියාව සැලසුම් කර ඇත.
සීමාසහිත ඉන්දීය අපනයන ණය ඇපකර සංස්ථාවේ(ECGC) සභාපති එම්.සෙන්තිල්නාදන් මේ බව අනාවරණය කර තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සිදුවෙමින් පවතී. එම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පැකේජය පැමිණි පසු, අපි යම් කාලයක් තුළ [අපේ] මුදල් අයකර ගනිමු. වසර 3-4 කින් අපිට ලැබීමට ඇති ණය වසර 10-12 දක්වා දිගුවිමට හැකියාව පවතී” යැයි සෙන්තිල්නාදන් පවසා ඇත.
“පොලී අනුපාතය අඩු වනු ඇත. මෙය උද්ධමනය සහ (යුක්රේන) යුද්ධයේ බිඳවැටීම නිසා ඇතිවන තත්ත්වයකි. ඉදිරි වසර 5-6 සඳහා ඔබ ඔවුන්ට සහනයක් ලබාදෙන අතර පසුව වෙළඳපල විවෘත වනු ඇත” යයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම වසර මුලදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එහි ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ආරම්භ කිරීමට ඩොලර් බිලියන 03 ක ණය වැඩසටහනක් අනුමත කළේය.
මූල්‍ය අරමුදල විසින් අනුමත කරන ලද එම මාස 48 ක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් පමණ ක්ෂණිකව ලබාදෙන ලදී.
මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය යන ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන් එකඟතාවන්ට පැමිණ ඇති නමුත්, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියා වන චීනය මෙතෙක් ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ප්‍රමාද වෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart