
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෝලීය අභියෝග සහ අවස්ථාවන් හමුවේ ඉන්දියාව යනු 21 වන සියවසේ ප්‍රධාන හවුල්කාරිත්වයක් බව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පැවසුවේය.
ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ ඔහුගේ සිව්දින ඉන්දීය නිල සංචාරය අතරතුරදීය.
තමන්ගේ මෙම සිව්දින ඉන්දීය සංචාරයේ අරමුණ මෙම ප්රජාතන්ත්රවාදී රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම බව ද ඔහු පැවසුවේය.
ඇමරිකා එක්සත් ජනපදයේ 250 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිල්ලියේ පිහිටි එරට තානාපති කාර්යාලයේ පැවැති උත්සවයකදී අදහස් දක්වමින් රූබියෝ, ඉන්දියාව සහ ඇමරිකාව අතර වර්ධනය වන උපායමාර්ගික එකඟතාවය අවධාරණය කළේය.
නවීන ගෝලීය ආර්ථිකය හැඩගස්වන තීරණාත්මක කරුණු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට දෙරටම හොඳ මට්ටමක පසුවන බව ද ඔහු පැවසීය.
“අපගේ ඉතිහාසය තුළ අප ලබා ඇති ජයග්‍රහණවලින් බොහෝමයක්, අප බොහෝ දේ බෙදාහදා ගන්නා ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ඇති කරගත් හවුල්කාරිත්වය මත ගොඩනැඟී ඇති බව අප දන්නා නිසා අපි ආඩම්බර වෙනවා. මෙම නව යුගයේ අභියෝග සහ අවස්ථාවන් සලකා බලන විට, 21 වන සියවස වෙත පියනඟන මොහොතේ මා වඩාත්ම උද්යෝගිමත් වන එවැනි එක් සබඳතාවක් වන්නේ ඉන්දියාව සමඟ පවතින සබඳතාවයයි,” යනුවෙන් රූබියෝ එහිදී පැවසීය.
ඔහු තවදුරටත් කියා සිටියේ ඉන්දියාව සහ ඇමරිකාව පොදු වටිනාකම් සහ අවශ්‍යතා බෙදාහදා ගන්නා බවත්, දෙරට අතර සහයෝගීතාවය තුළින් දෙරටේ පමණක් නොව සමස්ත ලෝකයේම ජන ජීවිත නංවාලීමට දායක විය හැකි බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart