
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පොලිස් ස්ථානවලට කැබ් රථ(single cabs) සැපැයීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් පරිත්‍යාග කර ඇත.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ජනවාරි 15 වන දින ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.
ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ අමාත්‍යංශ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුමට අවම වශයෙන් කැබ් රථ 80 ක්, අමතර කොටස් සහ උපාංග බෙදාහැරීම ඇතුළත් වේ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පොලිසියේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ද ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට සහභාගී වූහ.
උතුරු පළාතේ පොලිස් සංචලතාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් සහ මහජන ආරක්ෂාව වැඩි දියුණු කිරීම ව්‍යාපෘතියේ අරමුණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart