
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියානු නිදහස් දින සැමරුම් ඉලක්ක කරගනිමින් රට පුරා කඩාකප්පල්කාරී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ පාකිස්තාන සම්බන්ධතා සහිත ත්‍රස්ත ක්‍රියාකාරීන් 200කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂක අංශ සමත්ව තිබේ.
වසර ගණනාවකට පසු ක්‍රියාත්මක වූ විශාලතම ත්‍රස්ත මර්දන මෙහෙයුම ලෙස සැලකෙන මෙම වැටලීම පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සඳහන් කළේ, අගෝස්තු 12 වනදා ඉන්දියාවේ ප්‍රාන්ත 14ක් පුරා මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
පාකිස්තානයේ ‘අන්තර් සේවා බුද්ධි අංශය’ (ISI) විසින් මෙහෙයවන ලද Shahzad Bhatti Network නමැති ත්‍රස්ත කල්ලිය අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය විසින් සම්පූර්ණයෙන්ම විනාශ කළ බව අමාත්‍යවරයා X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
සැකකරුවන්ගෙන් ගිනිඅවි, ජීව උණ්ඩ, පාකිස්තාන අවි ආයුධ නිෂ්පාදනාගාර සලකුණු සහිත අත්බෝම්බ සහ දේශීයව නිෂ්පාදිත බෝම්බ රැසක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීම පාකිස්තාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඉන්දියාවේ සිදුවන ප්‍රහාර සඳහා තම රටේ සහාය ලැබෙන බවට එල්ල වන චෝදනා පාකිස්තානය මීට පෙරද දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය වසරේදී ඉන්දියානු පාලනයේ පවතින කාශ්මීරයේ සංචාරක ස්ථානයකදී පුද්ගලයින් 26 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම මුල් කරගනිමින් අසල්වැසි න්‍යෂ්ටික බලවතුන් වන ඉන්දියාව සහ පාකිස්තානය අතර දින හතරක හමුදාමය ගැටුමක් ද හටගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart