
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව සහ කැනඩාව අතර වන රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තීව්ර කරමින් කැනඩා ජාතිකයන්ට වීසා සේවා සැපයීම අත්හිටුවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.
නැවත දැනුම් දෙන තුරු කැනේඩියානුවන්ට වීසා සේවා සැපයීම අත්හිටුවා ඇති බව නිවේදනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
හර්දීප් සිං නිජ්ජාර් නම් සීක් බෙදුම්වාදී මතධාරියෙකු කැනඩාවේ දී ඝාතනයට ලක්වීමත් සමග කැනඩාව සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් නිර්මාණය වී තිබේ.
ඊට ඉන්දීය බුද්ධි අංශ සම්බන්ධ බවට කැනඩා අගමැතිවරයා චෝදනා කිරීමත් ඉන්දීය රාජ්යත්රාන්තික නිලධාරියෙකු කැනඩාවෙන් නෙරපා හැරීමත් සමග මෙම අර්බුදය උග්රවූ අතර ඊට එකටෙක කිරීමක් ලෙස ඉන්දියා ද කැනඩා රාජ්යත්රාන්තික නිලධාරියෙකු එරටින් නෙරපා හරිනු ලැබිණ.
මේ අතර අද දිනයේ ද කැනඩාවේ දී සුක්දූල් සිං හෙවත් සුඛා දුනේකේ නම් 2017 දී ඉන්දියාවේ සිට කැනඩාවට පැමිණ ඇති සීක් බෙදුම්වාදි මතධාරියෙකු ඝාතනයට ලක්වී ඇති අතර ඔහුට එරෙහිව ඉන්දියාවේ අපරාධ නඩු හතක් ලියාපදිංචි කර ඇති බව පැවැසේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ විවිධ කල්ලි අතර පවතින ආරවුල් මෙම ඝාතනයට හේතුවී ඇති බවයි.
ඉන්දියාව ජ්‍යෙෂ්ඨ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නෙරපා හරියි
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart