
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පසුගියදා නිල වශයෙන් අක්තපත්‍ර භාරදුන් නව තානාපතිවරුන්ට සහ මහ කොමසාරිස්වරුන්ට ශ්‍රී ලංකාවේ නිදහස් දින උත්සවයට සහභාගි වන ලෙස විදේශ අමාත්‍ය විජිත හේරත් ආරාධනා කර තිබේ.
අලුතින් පත් වූ තානාපතිවරු නවදෙනා සහ මහකොමසාරිස්වරයකු සමඟ විදේශ අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී මෙම ආරාධනය සිදුකර ඇත.
රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාව තුළ නව තානාපති කාර්යාල පිහිටුවීමට එම නියෝජිතයන් අදහස් පළකර ඇත.
ශ්‍රී ලංකාව සමඟ ආර්ථික හා වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීම සඳහා නව ගිවිසුම්වලට එළඹීමට ද ඔවුන් යෝජනා කර තිබේ.
ගිවිසුම් අධ්‍යයනය කර සමාලෝචනය කිරීමට විදේශ අමාත්‍යවරයා එහිදී එකඟතාව පළකර ඇත.
බුර්කිනා ෆාසෝ, බොස්නියා, හර්සගොවිනා, අසර්බයිජාන් ජනරජය, ජෝර්ජියා, බෙලරුස් ජනරජය, ආර්මේනියා ජනරජය, ස්පාඤ්ඤය, කොංගෝ ජනරජය සහ ගිනියා ජනරජය නියෝජනය කරන නව තානාපතිවරු සහ කෙන්යා ජනරජය නියෝජනය කරන නව මහකොමසාරිස්වරයෙක් විදේශ අමාත්‍යවරයා සමග පැවැති හමුවට සහභාගී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart