
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ ඇති පාසලක ගුරුවරයකු විසින් ඊයේ (7) ගුරුවරියකට පහර දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි අද (8) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පහරදීම හෙළාදුටු අතර ඒ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටියාය.
පාසලේ විදුහල්පතිවරයා ඉදිරියේ මෙම පහරදීම සිදු වී ඇති බවත්, තුවාල ලැබූ ගුරුවරිය දැනට රෝහල්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබන බවත් ඇය තහවුරු කළාය.
අන්තර්ජාතික කාන්තා දිනය සහ කාන්තා සතිය රට තුළ ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, කාන්තාවන් මෙවැනි ප්රචණ්ඩ ක්‍රියාවලට අඛණ්ඩව මුහුණ දීම දැඩි ලෙස කණගාටුදායක බව ඇය තවදුරටත් පැවසුවාය.
ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ සිද්ධිය අද උදෑසන තමාට ද වාර්තා වූ බවයි.
පහරදීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට ඇය සභාවට සහතික වූවාය.
තවද, විනය ක්‍රියාපටිපාටි ආරම්භ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දෙන බවත්, මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අද දිනය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අගමැතිනිය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart