
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගෙවුණු වසරේ අවසන් කාර්තු තුන තුළ විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් සිදුකළ විදුලිය විසන්ධි කිරීම් ගැන ලක්ෂ 8 ඉක්මවා ඇති බව හෙළි වී තිබේ.
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ අනාවරණ වී ඇත්තේ මෙම විසන්ධි කිරීම් බොහොමයක් දරිද්‍රතා රේඛාවේ පහළම සිටින පුද්ගලයන්ගේ විදුලි සම්බන්ධතා බවයි.
එම විසන්ධි කිරීම් නිසා දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු දරුවන්ගේ යහපැවැත්මට අවශ්‍ය බොහෝ දේ ඔවුන්ට අහිමි වන බවත් එය අනාගතයේ භයානක සමාජ මට්ටමක් නිර්මාණය කිරීමට පදනම සපයන කරුණක් විය හැකි බවටත් ආංශික අධීක්ෂණ කමිටුව නිරීක්ෂණය කර තිබේ.
විදුලි බිල වැඩි කිරීමට හේතු ගෝලීය බලශක්ති අර්බුදය, විදේශ විනිමය අර්බුදය, රටේ විදුලිබල උත්පාදන ධාරිතාව අඩුවීම සහ නොවැළැක්විය හැකි හේතූන් සහ සීමා කිරීම් හේතුවෙන් මිල ඉහළ යෑම යන කරුණු බවට වාචිකව පෙන්වා දුන්නද, විදුලිබල මණ්ඩලයේ පාඩු පිරිවැය සම්බන්ධයෙන් ඉල්ලා ඇති විශ්ලේෂණාත්මක තොරතුරු තවමත් ලිඛිතව ඉදිරිපත් කර නොමැති බව ආංශික කාරක සභාව පවසයි.
විදුලි ගාස්තු සංශෝධන සඳහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කළ ඉල්ලීම් සාධාරණීකරණය කිරීමට දැක්වූ දත්ත සහ සංඛ්‍යා පරස්පර වුවද මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒවා එලෙසම පිළිගෙන ඇති බව ද ආංශික කාරක සභාව පෙන්වා දෙයි.
එවැනි තත්ත්වයන් කොමිසමේ තීරණවල විශ්වසනීයත්වයට සහ ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපාන බව ඔවුන්ගේ නිරීක්ෂණය වී තිබේ.
විදුලිබල මණ්ඩලයේ දශක ගණනාවක වැරදි කළමනාකරණය, අකාර්යක්ෂම පරිපාලනය, නිවැරදි රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවීම, නිවැරදි ජනන සැලසුම් සහිත දිගුකාලීන උපාය මාර්ගික සැලසුම් නොපැවතීම හෝ ක්‍රියාත්මක නොකිරීම, ආරවුල්, දූෂණ හා අපයෝජන, නියමිත කාලය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම, නියාමන කොමිෂන් සභාව හෝ කමිටුව මැදිහත් නොවීම, වත්මන් විදුලි අර්බුදයේ ප්‍රධාන අංග ලෙස වෘත්තීයභාවයේ ඌනතාව, විදුලිබල මණ්ඩලය සහ කර්මාන්තය අතර ගැටුම්, පවතින කඩාකප්පල්කාරී කල්ලි සහ ගජමිතුරන් නිරීක්ෂණය වන බව ද ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ වඩාත් දැරිය හැකි මිලකට අවශ්‍ය විදුලි ජනන ප්‍රමාණය සාක්ෂාත් කර ගැනීම සඳහා ස්වභාවිකවම රට සතු බහු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වී නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart