
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම සියවසේ අවසානය වන විට ලොව සෑම රටකම පාහේ සරුභාවය පිළිබඳ අනුපාතිකය ජනගහන මට්ටම් පවත්වා ගැනීමට නොහැකි තරම් අඩු වනු ඇති බවත් ලෝකයේ සජීවී උපත් බොහොමයක් දුප්පත් රටවල සිදුවනු ඇති බවටත් නවතම අධ්‍යයනයකින් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම ප්‍රවණතාව “ළදරු උපත් වැඩි” සහ “ළදරු උපත් අඩු” වශයෙන් ලොව පුරා බෙදීමකට තුඩු දෙනු ඇති බවත් ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයට වැඩි අවදානමක් ඇති අඩු ආදායම්ලාභී රටවල වැඩි උපත් කේන්ද්‍රගත වනු ඇති බවත් සියැටල්හි වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සහ සෞඛ්‍ය ප්‍රමිතික ඇගයීම් ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ස්ටේන් එමිල් වොල්සෙට් පවසයි.
The Lancetහි අධ්‍යයනයෙන් ප්‍රකාශ වී තිබුණේ ලොව පුරා රටවල් 204කින් 155ක් සහ භූමි ප්‍රදේශ 76% ක්, 2050 වන විට ජනගහන ප්‍රතිස්ථාපන මට්ටමට වඩා අඩු සශ්‍රීකත්ව අනුපාතයක පවතිනු ඇති බවයි.
2100 වන විට එම අනුපාතය රවල් 198 දක්වා හෝ 97% දක්වා ඉහළ යනු ඇතැයි පර්යේෂකයන් ඇස්තමේන්තු කර ඇත.
අනාවැකි පදනම් වී ඇත්තේ ගෝලීය රෝග, තුවාල සහ අවදානම් සාධක අධ්‍යයනයේ කොටසක් ලෙස 1950 සිට 2021 දක්වා එකතු කරන ලද සමීක්ෂණ, සංගණන සහ අනෙකුත් දත්ත මූලාශ්‍ර මතය.
සියවස අවසන් වනවිට සජීවී උපත්වලින් හතරෙන් තුනකට වඩා සිදුවන්නේ අඩු සහ පහළ මධ්‍යම ආදායම් ලබන වන අතර ඉන් අඩකට වඩා උප සහරා අප්‍රිකාවේ සිදුවන බව පර්යේෂකයෝ පවසති.
ගෝලීය සාඵල්‍යතා අනුපාතය එනම් එක් කාන්තාවකගේ සාමාන්‍ය උපත් සංඛ්‍යාව 1950 දී ළමුන් 5ක පමණ මට්ටමේ සිට 2021 දී 2.2 දක්වා පහත වැටී ඇති බව දත්ත පෙන්වා දෙයි.
2021 වන විට, රටවල් සහ ප්‍රදේශ 110ක් ජනගහන ප්‍රතිස්ථාපන මට්ටමට වඩා අඩු අනුපාතයක පැවති අතර එක් කාන්තාවකගේ සාමාන්‍ය උපත් සංඛ්‍යා මට්ටම ළමුන් 2.1ක් ලෙස පැවතී තිබේ.
මෙම අධ්‍යයනය දකුණු කොරියාව සහ සර්බියාව වැනි රටවල් සඳහා විශේෂයෙන් කණස්සල්ලට පත්වන ප්‍රවණතාවක් ඉස්මතු කර තිබේ.
එහිදී සශ්‍රීකත්ව අනුපාතය ස්ත්‍රියකට 1.1ට වඩා අඩු වීම ශ්‍රම බලකායේ අභියෝගවලට ඔවුන් නිරාවරණ කරන තත්ත්වයකි.
ඉහළ ආදායම් ලබන රටවල සාඵල්‍යතා අනුපාත පහත වැටීම කාන්තාවන්ට අධ්‍යාපනය සහ රැකියා සඳහා වැඩි අවස්ථා පිළිබිඹු කරන්නකි.
පර්යේෂකයන් පැවසුවේ මෙම ප්‍රවණතාව අනෙකුත් කලාපවල නවීන උපත් පාලන ක්‍රම සහ කාන්තා අධ්‍යාපනය සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පෙන්නුම් කරන බවයි.
මීට අමතරව, සෑම රටකම ජනගහනය අඩු වූ පසු, ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා විවෘත සංක්‍රමණ මත යැපීම අවශ්‍ය වනු ඇති බව අධ්‍යයන වාර්තාවේ සම කර්තෘවරියක් වන Natalia Bhattacharjee නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.
විශේෂයෙන් 2020 සිට 2021 කොවිඩ් වසංගත කාලසීමාව සඳහා අතීත දත්තවල ප්‍රමාණය සහ ගුණාත්මකභාවය අනුව මෙම අනාවැකි සීමා වී ඇති බව කතුවරු සඳහන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart