
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ගම්මාන කීපයක ජනතාවට එකවර දරාගත නොහැකි විදුලි බිලක් පැමිණීම නිසා දැඩි පීඩාවට පත්ව ඇත.
මීගස්සෑගම සහ කිරලෝගම ගම්මානවල පවුල් 500ක් පමණ ජීවත්වන අතර, ඉන් පවුල් 300ක් පමණ පිරිසකට ඊයේ ජංගම දුරකථනයට ලැබුණු විදුලි බිලෙහි කැපීපෙනෙන වැඩිවීමක් හේතුවෙන් ගම්වාසීන් නොසන්සුන්තාවයකට පත්වී තිබේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ, වෙනත් මාසවල රුපියල් 4000ත් 5000ත් පමණ වූ විදුලි බිල් බිල්පත මෙවර 150,000ක් සහ ලක්ෂ 02ක පමණ විදුලි බිලක් ඔවුන්ට ලැබී ඇති බවයි.
ගම්වාසීන් කියා සිටින්නේ, මෙම පවතින ආර්ථික අර්බුදය හමුවේ මාසික බිල්පතවත් ගෙවා ගැනීමට නොහැකි කාලවකවානුවක කොටස් වශයෙන් හෝ මෙවැනි විශාල බිලක් ගෙවීමට නොහැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart