
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සිය දැඩි පාලනය යටතේ තබාගැනීමේ සහ සිය බලය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් අමාත්‍යංශය කිහිපයක වැය ශීර්ෂ පරාජය කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් එහි නායකත්වයට යෝජනා කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
දැනටමත්, ඒ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නායකයන් ද පූර්ව අනුමැතිය පළකර ඇති බව පැවැසේ.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඊයේ අයවැයෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළේ, මෙම අයවැය සැකසීමේදී ඔහුගෙන් අදහස් ලබාගැනීමක් සිදුනොකළ බවයි.
අයවැයට සහාය ලබාදිය හැකි අවස්ථාවලදී සහාය දෙන බවත්, සහාය ලබාදිය නොහැකි අවස්ථාවලදී සහාය නොදෙන බවත් ඔහු එහිදී පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද අයවැය සම්බන්ධයෙන් අදහස් පළකරමින් ප්‍රකාශ කළේ, එහි ඇතැම් කරුණුවලට එකඟවිය නොහැකි බවයි.
මෙම පසුබිම තුළ පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් තමන් සමග සුහදව කටයුතු නොකරන ආණ්ඩුවේ ඇමැතිවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යංශවල වැය ශිීර්ෂ පරාජය කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart