
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැසිනෝ සහ සූදූවට අදාළව මුදල්, අර්ථික ස්ථාවරත්වය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මෙම වසර (2023) තුළ නියාමන අධිකාරියක් පිහිටුවීමට නියමිතය.
මේ සඳහා පවතින නිතී සමාලෝචන කරමින් රටේ ආර්ථික ශක්තිමත් වන පරිද්දෙන් නව නිතී සම්පාදය අරමුණු ඇති බව අමාත්‍යාංශයේ නිතී අංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ යටතේ “2010 අංක දරන කැසිනෝ නියාමන පනත” සහ “1988 අංක 40 දරන ඔට්ටු අල්ලීමේ සහ සූදූ බදු පනත” යන පනත් සංශෝධනය කිරීමට නිමිතය.
පසුගියදා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය කියාසිටියේ , ලොතරැයි පතේ සිට සියලුම සූදූ, නියාමන අධිකාරි විසින් නියාමනය කරන බවයි.
තවද සූදූ සහ කැසිනෝ ව්‍යාපාර හිමියන්ගෙන් අයකරන ගාස්තුව ඩොලර් 200ක් දක්වා වැඩි කිරීමටද සැලසුම් කර ඇති බවයි.
මේ වසරේ පෙබරවාරි, මාර්තු, සහ අප්‍රේල් ,මැයි යන මාසවලදී පුද්ගලයන් 9,037 දෙනකු කැසිනෝ සඳහා ඇතුළත්ව ඇති අතර ඉන් 5,381ක් විදේශිකයන් වන අතර 3, 656ක් ස්වදේශිකයන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart