
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළ දැඩි වධහිංසාවට සහ මානසික පීඩනයට ලක්වන බවට ඔහුගේ සොහොයුරිය වන උස්මා ඛාන් චෝදනා කරයි.
අධිකරණ නියෝගයක් මත සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් පසුව ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වෛද්‍යවරුන් සනාථ කිරීමත් සමඟ, ආණ්ඩුව විසින් ඔහුව නැවතත් බන්ධනාගාරය වෙත යොමුකර තිබේ.
තම සොහොයුරා හමුවීමෙන් අනතුරුව අදහස් දැක්වූ උස්මා ඛාන් කියා සිටියේ, “ඔහු තමන්ට පහරදීම් සහ වධහිංසා පමුණුවන බව පැවසුවා. ඔහුගේ එක් ඇසක් රෙදි පටියකින් වසා තබලා තිබුණේ. තමන්ට දිගින් දිගටම වධදෙන බව ඔහු නැවත නැවතත් මට ප්‍රකාශ කළා,” යනුවෙනි.
“මෙම අසාධාරණය පිළිබඳව පිටත සිටින ජනතාව දැනුවත් කරන ලෙසත්, මොවුන් තමන්ට ඇහුම්කන් නොදෙන මනුෂ්‍යත්වයක් නැති පිරිසක් බවත් පවසන්නැයි ඔහු මගෙන් ඉල්ලා සිටියා,” යනුවෙන්ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර ඉම්රාන් ඛාන්ගේ මාධ්‍ය ප්‍රකාශක සයෙඩ් සුල්ෆිකාර් බුකාරි ද මෙම ප්‍රකාශය සනාථ කරමින් කියා සිටියේ, අඩියාලා බන්ධනාගාරය තුළදී හිටපු අග්‍රාමාත්‍යවරයා දැඩි මානසික පීඩනයකට සහ දිගින් දිගටම වධහිංසාවලට ලක්වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart