
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අවම වශයෙන් 35%ක දේශීය අගය එකතු කිරීමකින් යුතුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණ සඳහා කුළුබඩු ආනයනය කිරීමට අවසර දී ලැබේ.
නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ගම්මිරිස් කුඩු හෝ නොකැඩූ ගම්මිරිස් ආනයනය කිරීමට අවසර ලැබේ.
පණුවන් සහ අබලි ද්‍රව්‍ය ඉවත්කළ නොකැඩූ සාදික්කා හෝ සාදික්කා කුඩු ආනයනය කිරීමට ද අවසර දී ඇත.
එම ගැසට් පත්‍රයට අනුව එනසාල්, ඉඟුරු, කුංකුම, තයීම් , බේ කොළ, කරපිංචා ඇතුළු කුළුබඩු ද ප්‍රතිඅපනයනය සඳහා ආනයනය කළ හැකිය.
වියළි කහ ආනයනය කිරීමට ද අවසර දී තිබේ.
පසුගිය වසරේ ජනවාරි 01 වැනිදා සිට මෙම කුළුබඩු ආනයනය කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි.
කෙසේවෙතත් දෙසැම්බර් 6 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව එම කුළුබඩු ප්‍රතිඅපනයනය සඳහා ආනයනය කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය අවසර ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart