
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව එකතු කළ අගය මත බද්ද (වැට්) 18% ක අනුපාතයකින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කිරීමත් සමඟ එම බද්ද පෞද්ගලික බස් කර්මාන්තයට බලපානු ඇති බවත්, එය බොහෝදුරට බස් ගාස්තු වැඩිවීමකට බලපානු ඇති බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ ප්‍රකාශ කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙම වැට් බද්ද ජනවාරි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔවුන් නොදැන සිටි බවයි.
“පසුගිය වසර 25 තුළ ප්‍රමිතියෙන් යුත් පෞද්ගලික බස්රථ ගෙන්වීමට බද්දක් පැනවූයේ නැහැ. නමුත් සුඛෝපභෝගී බස්රථ ගෙන්වීමේදී යම් බද්දක් අය කළා. පෞද්ගලික බස්රථ ආනයනයේදී බද්දක් පැනවීම පොදු ප්‍රවාහනයට සම්මත වුණේ නැහැ” ඔහු පැවැසීය.
“අවාසනාවකට ඩොලර් ගාස්තුව වැඩිවීමත් සමඟ රුපියල් ලක්ෂ 55ත් ලක්ෂ 70ත් අතර තිබූ සාමාන්‍ය බස් රථයක මිල දැන් රුපියල් මිලියන 13.7 දක්වා වැඩි වී තිබෙනවා. අපට බස් රථ 20,000ක් තිබුණා. දැන් එය 17,000 දක්වා අඩුවී තිබෙනවා.මේ වනවිට බස් රථ 4000ක හිඟයක් තිබෙනවා. වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ සම්මත බස් රථයක මිල රුපියල් මිලියන 15.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙම මිල ඉහළ දැමීමත් සමඟ බස් රථ හිමියන්ට බස්රථ ආනයනය කිරීමේ හැකියාවක් නැහැ. වැට් බද්දට සමගාමීව අමතර කොටස්, ලිහිසි තෙල් සහ සේවා මිල ගණන් ගාස්තු වැඩිවෙනවා.
ඉන්ධන මිල වැඩිවීමත් දැඩිව බලපානවා.මෙම නව වැට් බද්ද ඉන්ධන මිලට එකතු වෙනවා. ඒ නිසා ඉන්ධන මිල වැඩි වෙනවා. මේ සියලු කරුණු සලකා බැලීමේදී නිශ්චිත බස් ගාස්තු වැඩිවීමක් සිදුවෙනවා. එය සාමාන්‍ය ප්‍රවාහන මාධ්‍ය ලෙස බස් රථ භාවිත කරන ජනතාවට සෘජුවම බලපෑම වලක්වන්න බැහැ.” යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart