
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩොලර් මිලියන 05 ක් ගෙවා අමෙරිකාවේ පුරවැසිභාවය ලබා ගත හැකි නව වැඩසටහනක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දී තිබේ.
ඒ අනුව ට්‍රම්ප් පවසන්නේ විදේශ ආයෝජකයින් සඳහා වීසා වැඩසටහනක් වෙනුවට ඇමරිකානු පුරවැසිභාවය සඳහා මාර්ගයක් ලෙස ඩොලර් මිලියන 5 කට “රන් කාඩ්පතක්” (gold card) නිකුත් කරන බවයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ එම gold card වැඩසටහන අමෙරිකාවේ දැනට ක්‍රියාත්මක “EB-5” සංක්‍රමණික ආයෝජක වීසා වැඩසටහන වෙනුවට ප්‍රතිස්ථාපනය කරන බවයි.
ඒ අනුව නව වැඩසටහන යටතේ අමෙරිකාවේ රැකියා උත්පාදනය කරන හෝ ආරක්ෂා කරමින් විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරන විදේශ ආයෝජකයින්ට “රන් කාඩ්පතක්” සමඟ ස්ථිර පදිංචිකරුවන් වීමට අවස්ථාව හිමිවනු ඇත.
EB-5 වැඩසටහන යටතේ අමෙරිකාවේ ව්‍යාපාරවල ආයෝජනය කිරීමට පොරොන්දු වන විදේශිකයන්ට “green card” ලබා ගැනීමට හැකිවිය.
මෙම නව gold card වැඩසටහන රුසියාවේ සිටින ධනවතුන්ට පවා විවෘත කළ හැකි බව ද ට්‍රම්ප් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart