
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන අංශවලට අපහාස සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි වැළැක්විය යුතු බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ බලවත් චරිත තමන් පිළිබඳව අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය වේදිකාවලදී ප්‍රකාශිත බවට කියන වැරදි හෝ අපහාසකාරී ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට හෝ පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ අනෙකුත් විශේෂිත අංශයන්ට පැමිණිලි කිරීමේ ප්‍රවණතාව පදනම් කර ගෙන එම කොමිසම මෙම නිර්දේශය ඉදිරිපත් කර තිබේ.
“අපහාසාත්මක යැයි කියන ප්‍රකාශ” අපරාධ වරදක් ලෙස නොසැලකෙන බැවින් මෙකී නිර්දේශ කරන්නේ යැයි ද ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව, අසත්‍ය යැයි කියන ප්‍රකාශ හෝ අපහාස, ශ්‍රී ලංකාවේ “සාපරාධී වරදක්” නොවන බව සිහිපත් කරමින්, පොලිස්පතිවරයා ශ්‍රී ලංකා පොලිසියේ සියලු ම අංශ සහ පොලිස් ස්ථාන වෙත නියමයක් නිකුත් කළ යුතු යැයි මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
එහිදී උපකල්පිත අපහාස සම්බන්ධයෙන් පමණක් පැමිණිලි වාර්තා කිරීමෙන් හෝ විමර්ශනය කිරීමෙන් හෝ වැළකිය යුතු බව අදාළ නියමයට ඇතුළත් කළයුතු යැයි ද කොමිසම සඳහන් කරයි.
නීතිය ක්‍රියාත්මක කරන “සිදු කළා යැයි උපකල්පිත“ අපහාසාත්මක ප්‍රකාශන පිළිබඳ පරීක්ෂණ පවත්වමින් ප්රකාශනයේ නිදහස සහ අන්තර්ජාල ආරක්ෂාව අවහිර කිරීමේ ප්‍රවණතාවක් මතු වී ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි ද මානව හිමිකම් කොමිසම් නිවේදනයේ දැක්වේ.
තව ද, අදහස් හා මතවාද ප්‍රකාශ කිරීම හා එමගින් ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියට සම්බන්ධ වීම සියලු පුරවැසියන්ට ඉතා වැදගත් මූලික අයිතියක් යැයි ද එකී අයිතිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මගින් ද තහවුරු කර ඇතැයි ද එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.
ප්‍රකාශන අයිතියට අත්‍යවශ්‍ය නොවන, සාපේක්ෂ නොවන සහ අසාධාරණ සීමා පැනවීම සමාජයට දැඩි අවදානමක් යැයි පවසන කොමිසම එවැනි සීමා ජනතාව අතර අප්‍රසාදය හා නොසන්සුන්තාවක් ද ඇති කළ හැකි යැයි අවධාරණය කරයි.
ජාත්‍යන්තර මානව හිමිකම් ප්රමිතීන් අනුව දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් වැනි මහජන නියෝජිතයන්, තනි පුද්ගලයන්ට වඩා විවේචන සම්බන්ධව ඉවසීමකින් යුක්ත විය යුතු යැයි කොමිෂන් සභාව අවධාරණය කරයි.
ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගෞරව කිරීමේ විශේෂ වගකීම එවැනි තැනැත්තන්ට ඇති බැවින් අපහාසාත්මක බවට උපකල්පිත ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මත අධික ලෙස රඳා නොපැවැතිය යුතු යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
තව ද, අධිකරණ අමාත්‍යාංශය “මාර්ගගත ආරක්ෂණ පනත” වෙනුවට සුදුසු නීති සම්පාදන විධිවිධාන සමග නව පනතක් ප්‍රතිස්ථාපනය කරන තෙක් එහි භාවිතය අත්හිටුවීමක් ප්‍රකාශයට පත් කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
අදහස් හා මතවාද ප්‍රකාශ කිරීමේ නිදහස මාර්ගගත වේදිකාව ද ඇතුළු ඕනෑම මාධ්‍යයක් හරහා සිදුකරන සියලු ආකාරයේ ප්‍රකාශන අයත් යැයි ද එහි වැඩිදුරටත් දැක්වේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනිය වන නිමෝදි වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනි නිලන්ති කොට්ටහච්චි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ඇතුළු සැලකිය යුතු පිරිසක් පසුගිය කාලයේදී අපහාස සිදු වූ බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart