February 6, 2026

රුසියාවේ උසස් පෙළ විභාගය සමත් වී වෛද්‍ය පීඨයට ඇතුල්වීමට සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික තරුණයකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහුගේ මුලික අයිතිවාසියක් කඩ වී ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සිසුවා මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට වහාම ඇතුළත් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ සිසුවා ගොනුකොට තිබූ මුලික අයිතිවාසිකම් පෙතසමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර සහ ආචාර්ය සෝභිත රාජකරණගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි, දම්සිත් ජයරත්න සිසුවා විසින් ගොනුකෙරුණු මෙම පෙත්සමේ වගුත්තරකරු වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිසම ඇතුළු පිරිසක් නම්කරනු ලැබ තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් සිල්වා සහ ආචාර්ය සෝභිත රාජකරණාගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර විසින් ප්‍රකාශයට පත්කළ තීන්දුවේ මෙසේ සඳහන් වේ.

‘පෙතසම්කරු කොළඹ රාජකීය විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ සමත්වීය පසුව ඔහුගේ පියා ගුවන් හමුදාවේ කණ්ඩායම් කපිතාන්වරයකු වශයෙන් සේවය කරමින් සිටියදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරක්ෂක උපදේශක තනතුරක් ලැබීමෙන් අනතුරුව රුසියාව බලා පිටත්විය එහිදී ඉන්දියානු පකිස්ථානා බංගලිදේශයේ ළමයි ඉගෙනුම ලබන පාසලකින් ජ්‍යෙෂ්ඨ පාසල් සහතිකය සමත් විය .එය ශ්‍රී ලංකා වේ අපොස උසස් පෙළ සමාන සුදුසුකමකි.

ඉන් පසුව පෙත්සම්කරු විදේශ අමාත්‍යංශය හරහා රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ඇතුළත් වීම සඳහා අයැදුම්පතක් ඉදිරිපත් කළේය.

එහෙත් අදාළ නිර්ණායකයන්ට පෙත්සමකරු නොවැටෙන බව පවසමින් අදාළ අයදුම්පත ප්‍රතික්ෂේප කළේය.

එම තීරණයෙන් අගතියට පත් පෙතසම්කරු විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.'(ලංකාදීප)