
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොළී අනුපාත පහත වැටීම සහ විදේශ සංචිත ගොඩනැගීම අතිලුව මූලික නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම මත, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ඩොලර් බිලියන 03කට අදාළ පළමු සමාලෝචනය IMF විසින් බොහෝදුරට සම්මත කරනු ඇතැයි අනාවැකි පළවේ.
මෙම අනාවැකිය පළකර ඇත්තේ අන්තර්ජාතික වාණිජ පුවත් සේවයක් වන බ්ලූම්බර්ග් විසිනි.
ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය නියෝජනය කරන IMF නියෝජිත ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් පවසා ඇත්තේ, මූල්‍ය අරමුදලේ නියමයන්ට අනුකූලව ණය තිරසාරභාවය සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් ද සුමටව ඉදිරියට යමින් පවතින බවයි.
IMF විසින් සිය ණය වැඩසටහනේ පළමු වාරිකය 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට නිකුත් කළේය.
එහි දෙවැනි වාරිකය නිකුත් කෙරෙනු ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේ සිදුකෙරෙන ණය වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ පළමු සමාලෝචනයේදී IMF විසින් ගනු ලබන තීරණය මතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart