May 23, 2026

රණවිරු ස්මාරකය අසල සිදුවූ සිදුවීමට අදාළව ලබන සඳුදා තමන් පොලිසිය හමුවට යෑමට නියමිත බවත්, එහිදී තමන්ව අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පොලිසිය විසින් කරන ලද දැනුම්දීමකට අනුව තමන් එදිනට පොලිසියේ පෙනීසිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, තමන් එදින රාජකාරියට බාධා කිරීමක් සිදුකළේ නම් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව තිබූ බව ද පෙන්වාදුන්නේය.