
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශීය ධීවර යාත්‍රා බලපත්‍රයක් නොමැතිව සිය මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් සීෂෙල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලාංකිකයකුට සීෂෙල්ස් රුපියල් 400,000ක(ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 88ක) දඩයක් නියම කර තිබේ.
අධිකරණ වාර්තාවට අනුව ‘සම්පත් 16’ යාත්‍රාවේ ප්‍රධානි 58 හැවිරිදි මාවල්ල කට්ටඩිලාගේ පද්මසිරි නමැත්තකු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ජුනි 9 වැනි දින එරට ආරක්ෂක අංශ අල්ලාගෙන ඇත.
එම යාත්‍රාව සීෂෙල්ස් හි සුවිශේෂී ආර්ථික කලාපයේ ප්‍රධාන දූපත වන මාහේ සිට දළ වශයෙන් නාවික සැතපුම් 94 ක් ගිනිකොන දෙසින් තිබියදී එරට බලධාරීන් විසින් අල්ලා ගෙන තිබේ.
සීෂෙල්ස් මුහුදේ මසුන් ඇල්ලීමට එම ධීවර යාත්‍රාවට බලපත්‍රයක් හෝ අවසරයක් තිබී නොමැත.
ශීතකළ මෝරුන්, මෝර වරල්, රුවල් මාළු සහ මිශ්‍ර මත්ස්‍යයන් අලෙවි කිරීමෙන් සීෂෙල්ස් වෙත අහිමි කළ ආදායම ලබාදෙන ලෙස ද විනිසුරුවරයා නියෝග කර ඇත.
බටහිර ඉන්දියන් සාගරයේ දූපත් සමූහයක් වන සීෂෙල්ස් හි වර්ග කිලෝමීටර මිලියන 1.4 ක සුවිශේෂී ආර්ථික කලාපයක් ඇති අතර, නීතිවිරෝධී සමුද්‍ර ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart