
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් පවතින සංකීර්ණ කරුණු පිළිබඳ අද දින පාර්ලිමේන්තුව අමතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.
පොලිස්පතිවරයාට අදාළ නඩුව නොවැම්බර් මස 11 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබියදී නැවත දැනුම්දෙන තුරු දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙම කාලසීමාව එළඹෙන ජනාධිපතිවරණයට සමගාමී වන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා නොවැම්බර් 11 වැනිදා වන විට නව ජනාධිපතිවරයෙකු වැඩ භාරගැනීමට අපේක්ෂා කරන බව ද පැවසුවේය.
ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන උපුටා දක්වමින් එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයාගේ නිර්දේශය අවශ්‍ය බවයි.
කෙසේවෙතත්, මේ වන විට ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකයකු වීමත් සමඟ එම ක්‍රියාවලිය පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“අපේ ව්‍යවස්ථා රාමුවට අනුව වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතුයි,” අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර ප්‍රකාශ කළේය.
පුරප්පාඩු වූ පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා, තවදුරටත් නීතිමය පැහැදිලි කිරීමක් ලැබෙන තුරු හිටපු පොලිස්පතිවරයා එම ධුරයේ රැඳී සිටින බව ද පැවසුවේය.
“ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කරන්න බැහැ ඒ තනතුර පුරප්පාඩු වෙලා නැති අතරේ. හිටපු පොලිස්පතිවරයා තාමත් ඒ තනතුර දරනවා.” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart