
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාත්‍රී කාලයේදී මාර්ගවල නීතිවිරෝධී ලෙස යතුරු පැදි තරඟ සඳහා තරුණයන් සම්බන්ධ වීමේ ප්‍රවණතාව ඉහළයෑම හමුවේ එවැනි ක්‍රියා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව පොලිසිය පවසයි.
එමෙන්ම පොලිසිය පවසන්නේ, එවැනි ධාවන තරග හමුවේ සිදුවන මරණ හෝ තුවාලකරුවන් පිළිබඳ වාර්තා වුවහොත් ඊට සම්බන්ධ පුද්ගලයින්ට රථවාහන නීති සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරුම් සහ මිනීමැරීමට තැත්කිරීමේ චෝදනා ගොනුකරන බවයි.
පසුගිය වසරේදී මෙරට වෙරළාසන්න මාර්ග සහ ප්‍රධාන මාර්ග මාර්ග කිහිපයක, සමාජ මාධ්‍ය හරහා සංවිධානය කරන ලද සහ ඔට්ටු ඇල්ලීමෙන් මෙහෙයවනු ලබන නීතිවිරෝධී වීදි යතුරුපැදි ධාවන තරඟ පවත්වා තිබිණි.
රථවාහන නීති උල්ලංඝනය කරමින් තරුණ පිරිස් සම්බන්ධ වන මෙම භයානක ප්‍රවණතාවය මෙම වසර දක්වාත් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව අනාවරණ වීම හමුවේ බලධාරීන් සහ මහජනතාව අතර ඒ සම්බන්ධයෙන් බරපතල කනස්සල්ලක් මතුව තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසුවේ, නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ වීදි ධාවන තරඟ සඳහා සහභාගී වන බොහෝදෙනෙකු වයස අවුරුදු 18 ට අඩු තරුණයන් බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.
මෙම තරුණ යතුරුපැදිකරුවන් වගකීම් විරහිතව ක්‍රියා කරන බවත්, තමන්ගේ ජීවිත පමණක් නොව මාර්ග භාවිතා කරන්නන්ගේ අනෙකුත් පුද්ගලයින්ගේ ආරක්ෂාව ද බරපතල අවදානමකට ලක් කරන බවත් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart