
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දරුවන් පාලනය කිරීමට නොහැකි අවස්ථාවකදී පොලිසියේ සහාය ලබාගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව ඉල්ලා සිටී.
දරුවන් පාලනය කිරීම සඳහා දැඩි ක්‍රමවේද අනුගමනය කිරීමෙන් දරුවා වින්දිතයෙකු බවට පත්වීමට ඉඩ ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා දරුවන්ගේ භාරකාරත්වයට දැනුම්දෙයි.
කල්මුණේ ප්‍රදේශයේ පරිවාස ළමා නිවාසක සිටි 17 හැවිරිදි දරුවකු මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, අදාළ සැකකාරිය ඊයේ පස්වරුවේ කල්මුණේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර , මිය ගිය 17 හැවිරිදි දරුවාට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් ඥාතීන් කොකුවිල් පොලිසිය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.
ඒ, දරුවාගේ දේහයද පොලිසිය ඉදිරිපිටට රැගෙන එමින් ය.
මියගිය 17 හැවිරිදි දරුවා පසුගිය 16 වැනිදා සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart