August 20, 2025

අතුරුදන් වූ බව කියන මාවනැල්ල ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියක් සොයාගැනීමට පොලිසිය මහජන සහය පතයි.

පොලිසිය පවසනන්නේ, ඉකුත් ජුලි මාසයේ සිට මෙම තරුණිය අතුරුදහන් වී සිටින බවයි..

අතුරුදන්වීම සම්බන්ධයෙන් තරුණියගේ පියා මාවනැල්ල පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අතුරුදන් වූ තරුණිය පිළිබඳ තොරතුරු දන්නේ නම් 071- 8591418 දුරකතන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලයි.