
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තක්සේරු වර්ෂයක් සඳහා රු.1,200,000/- කට වැඩි ආදායමක් ලබන ඕනෑම පුද්ගලයෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් ලබා නොගතහොත් රු. 50,000/-ක දඩයක් පැනවෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එහිදී තක්සේරු වර්ෂයක් ලෙස සැළකෙන්නේ වසරක අප්‍රේල් 01 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා කාලයයි.
රු.1,200,000/- කට වැඩි වාර්ෂික ආදායමක් ඇති පුද්ගලයකු දෙපාර්තමේන්තුවේ ආදායම් බදු සඳහා ලියාපදිංචි නොවී සිටියදී හඳුනාගෙන දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරවීමේ දී රුපියල් 50,000/-ක දඩය කෙරෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එසේම 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, වයස අවුරුදු 18 හෝ ඊට වැඩි සහ 2024 ජනවාරි 01 හෝ ඊට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන ඕනෑම පුද්ගලයකු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් ලබා ගැනීම අනිවාර්ය වේ.
ඉහත උපදෙස් අනුව ලියාපදිංචිය ලබා නොගන්නා පුද්ගලයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව ඔන්ලයින් ලියාපදිංචිය සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ www.ird.gov.lk වෙබ් අඩවියට පිවිසිය හැකි අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කළ හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart