
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1977 දී ආරම්භ කළ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම කාලානුරූපව ඉදිරියට ගෙනයන්නට හැකිවූයේ නම් ශ්‍රී ලංකාව අද සංවර්ධිත රාජ්‍යයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (17) දිනට යෙදී තිබුණු දිවංගත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ 117වැනි ජන්ම දින සමරුම වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනි.
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බැවින් ජේ.ආර්. ජයවර්ධන ජන්ම දින සැමරුම නිමිත්තෙන් මෙලෙස විශේෂ පණිවිඩයක් යොමු කර තිබිණි.
ජන්ම දින සමරුම් උත්සවය ඊයේ (17) පස්වරුවේ කොළඹ 07 ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන සමරු දේශනය හිටපු කතානායක කරු ජයසූරිය සිදු කළේය.
ජනාධිපතිවරයාගේ පණිවිඩය ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ වැඩබලන ලේකම් ජනරාල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. චාමිකා මුම්මුල්ලගේ සභාවට ඉදිරිපත් කළාය. එම ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.
“ජේ. ආර්. ජයවර්ධන යනු මෙරට සමාජ ආර්ථිකයේ පෙරළියක් කළ මහා විප්ලවවාදියා ය. එතුමන් 1977 දී ආරම්භ කළ සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ අයුරින්ම කාලානුරූපව ඉදිරියට ගෙන යන්නට අපට හැකි වූයේ නම්, අද අප සංවර්ධිත රාජ්‍යයකි.
නමුත් රටේ ඇති වූ කැරළි කෝලහාල, ත්‍රස්තවාදය වැනි අර්බුද සහ ජේ. ආර්. දර්ශනය මනාව අවබෝධ කර ගැනීමට අසමත් වීම ආදී විවිධ හේතු මත අපට ඒ සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ සියයට සියකක්ම සාර්ථක කර ගැනීමට නොහැකි විණි.
එවක සංවෘත ආර්ථික හා සමාජවාදී ආර්ථික පිළිවෙත් අනුගමනය කළ ඉන්දියාව, චීනය, වියට්නාමය ආදී අප කලාපීය රටවල් සිය සමාජ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරලීමේදී ජේ. ආර්. ක්‍රමය හැදෑරූහ. ඒ සියලු රටවල් අවබෝධයෙන් යුතුව සිය ප්‍රතිපත්ති කාලානුරූපව හැඩගස්සවා ගනිමින් ඉදිරියට ගියහ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart