
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ICC පිරිමි T20 ලෝක කුසලාන 2024 ‘තරඟාවලියේ කණ්ඩායම’ ලෙස විවිධ රටවල් හතරක ක්‍රීඩකයන් නම් කර ඇත.
මෙවර ශූරයන් වන ඉන්දියාව මෙම කණ්ඩායමේ නායකත්වය දරන අතර, ඒ ඇත්තේ ඉන්දීය නායක රෝහිත් ෂර්මා ය.
ඊට අමතරව තරඟාවලියේ ක්‍රීඩකයා වන ජස්ප්‍රිත් බුම්රා ඇතුළු ක්‍රීඩකයන් හයදෙනකු මෙම කණ්ඩායමට ඉන්දියාවෙන් නම්කර ඇත.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම් වූ ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩකයන් තිදෙනකුද මෙම සංචිතයට නම්කර තිබීම විශේෂත්වයකි.
මෙම කණ්ඩායම තේරීමේ මණ්ඩලයට විස්තර විචාරකයන් වන හර්ෂ බෝග්ලේ, ඉයන් බිෂොප් හා කස් නයිඩෝ සහ ICC ක්‍රිකට් සාමාන්‍යාධිකාරී වසීම් ඛාන් ඇතුළත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක් මෙම කණ්ඩායමට ඇතුළත්ව නැත.
2024 ICC පිරිමි T20 ලෝක කුසලානයේ කණ්ඩායම (පිතිකරණ අනුපිළිවෙලින්):
රෝහිත් ෂර්මා (නායක) – ඉන්දියාව
රහමනුල්ලා ගුර්බාස් (කඩුලු රකින්නා) – ඇෆ්ගනිස්ථානය
නිකලස් පූරන් – බටහිර ඉන්දීය කොදෙව්
සූර්යකුමාර් යාදව් – ඉන්දියාව
මාර්කස් ස්ටෝනිස් – ඕස්ට්‍රේලියාව
හර්දික් පාණ්ඩ්‍යා – ඉන්දියාව
අක්සර් පටෙල් – ඉන්දියාව
රෂීඩ් ඛාන් – ඇෆ්ගනිස්ථානය
ජස්ප්‍රිට් බුම්රා – ඉන්දියාව
අර්ෂ්දීප් සිංහ – ඉන්දියාව
ෆසල්හක් ෆරුකි – ඇෆ්ගනිස්ථානය
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart