
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තුන්කොන් තරඟාවලියේ නොවැම්බර් 29 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති අවසන් මහා තරඟයේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වැනි මට්ටමේ උල්ලංඝනයක් කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පාකිස්ථාන පිතිකරු ෆකාර් සමාන්ට තරඟ ගාස්තුවෙන් සියයට 10ක දඩයක් නියම කර තිබේ.
ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වැනි වගන්තිය සමාන් උල්ලංඝනය කර ඇති බවට හඳුනාගෙන ඇත.
එනම් ‘අන්තර්ජාතික තරඟයක් අතරතුර විනිසුරුවරයකුගේ තීරණයට විරුද්ධ බව පෙන්වීම’ යන චෝදනාවයි.
මාස 24ක කාලයක් තුළ සිදු වූ පළමු වරද මෙය වන අතර, ඔහුගේ විනය වාර්තාවට එක් ඍණ සලකුණක් මේ යටතේ එකතු කර ඇත.
මෙම සිද්ධිය වූයේ පාකිස්ථාන ඉනිමේ 19 වැනි ඕවරයේදී, සමාන් කඩුල්ලක් යෑමේ තීරණයක් සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවන් සමඟ දීර්ඝ වාදයක් ඇති කර ගනිමිනි.
සමාන් වරද පිළිගෙන එමිරේට්ස් ICC අන්තර්ජාතික තරඟ තීරක මණ්ඩලයේ රියොන් කිං විසින් යෝජනා කරන ලද දඬුවම පිළිගත් බැවින් විධිමත් විභාගයක් අවශ්‍ය නොවීය.
පිටියේ විනිසුරුවරුන් වන අහ්සාන් රාසා, අසිෆ් යාකොබ්, තුන්වැනි විනිසුරු රෂීඩ් රියාස් සහ සිව්වැනි විනිසුරු ෆයිසාල් අෆ්රිඩි චෝදනාව ඉදිරිපත් කර තිබිණි.
1 වැනි මට්ටමේ උල්ලංඝනයන් සඳහා අවම වශයෙන් නිල තරවටු කිරීමක්, ක්‍රීඩකයකුගේ තරග ගාස්තුවෙන් සියයට 50ක උපරිම දඬුවමක් සහ දඬුවම් ලකුණු එකක් හෝ දෙකක් ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart