
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලුණුගම්වෙහෙර, ධීවර ගම්මානයේ සිටි 32 හැවිරිදි පුද්ගලයකු අද අලුයම තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කැළුම් තුෂාර නොහොත් “ඉබ්බා” නැමති අයෙකි.
සිදුවූ බරපතළ කැපුම් තුවාල හේතුවෙන් ඔහුගේ උඩුකය සිරුරෙන් වෙන්වී තිබූ බව පොලිසිය පවසයි.
පෙර පැවති අමනාපයක් මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙස පොලිසියට නියෝග කළේය.
තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කිර්තිරත්නගේ උපදෙස් මත ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart