
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ‘පිතිකරණ පුහුණුකරු’ ලෙස හිටපු එංගලන්ත පිතිකරු ඉයන් බෙල් පත්කර තිබේ.
ඔහු අගෝස්තු 16 වැනිදා කණ්ඩායම සමඟ කටයුතු කිරීමට පටන් ගන්නා අතර, ටෙස්ට් තරඟ තුනකින් සමන්විත එංගලන්ත තරඟාවලිය අවසන් වන තෙක් ඔහු කණ්ඩායම සමග රැඳී සිටියි.
ඉයන් බෙල් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 118කට ක්‍රීඩාකර ලකුණු 7727ක් ලබාගෙන ඇත්තේ සාමාන්‍ය 42.69ක් ලෙස තබාගනිමිනි.
ඔහු සතුව ටෙස්ට් ශතක 22ක් තිබේ.
“අපි ඉයන්ව පත් කළේ ක්‍රීඩකයන්ට රටේ තණතිලි පිළිබඳ ප්‍රධාන අවබෝධයක් ලබාදීම සඳහා දේශීය දැනුමක් ඇති පුද්ගලයකු අවශ්‍ය නිසා. ඉයන්ට එංගලන්තයේ ක්‍රීඩා කර අත්දැකීම් රාශියක් තිබෙනවා. ඔහුගේ දායකත්වය මෙම තීරණාත්මක සංචාරයේදී අපගේ කණ්ඩායමට ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරනවා”යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart