
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බීබීසී පුවත් සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී තමන් පළකළ අදහස් පදනම් කරගනිමින් බොලිවුඩයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රකට සම්මානලාභී ඉන්දීය සංගීත නිර්මාපකයකු සහ ගායකයකු වන ඒ.ආර්. රහ්මාන් ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වීඩියෝවක් පළකර ඇති රහ්මාන් පවසන්නේ, චෝදනා එල්ල කරන පුද්ගලයන් ඇතැම් විට සිය අභිප්රායන් වරදවා වටහාගෙන ඇති බවයි.
සම්මුඛ සාකච්ඡාවේදී පළ කළ අදහස් මගින් තමා කිසි විටෙකත් කිසිවෙකුට රිදවීමට අදහස් නොකළ බව ද රහ්මාන් අවධාරණය කරයි.
“මම ඉන්දියානුවෙකු වීම ආශීර්වාදයක් ලෙස සලකනවා, එය සැමවිටම ප්රකාශනයේ නිදහසට ඉඩදෙන සහ බහු-සංස්කෘතික හඬවල් සහිත අවකාශයක් නිර්මාණය කිරීමට හැකි වී තිබෙනවා” යනුවෙන් රහ්මාන් පවසයි..
බීබීසී ආසියානු ජාලය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ ආර් රහ්මාන් සිදුකළ ඇතැම් ප්‍රකාශ ගායක ෂාන් සහ ගීත රචක ජාවෙඩ් අක්තාර් ඇතුළු බොලිවුඩ් කලාකරුවන්ගේ විවේචනයට ලක්ව තිබේ.
සම්මුඛ සාකච්ඡාව අතරතුර ගතවූ වසර 08 දී තමාට බොලිවුඩයේ නිර්මාණ සඳහා ආරාධනා නොලැබුණු බවත්, ක්ෂේත්රය තුළ සිදුවන වෙනස්කොට සැලකීම තමා කිසිදිනෙක අත්විඳ නොමැති වුවද, පසුගිය වසර අට තුළ කර්මාන්තයේ “බල හුවමාරුවක්” සිදුවී ඇති බවත් රහ්මාන් එහිදී පවසා තිබිණි.
නිර්මාණශීලී නොවන විධායකයන්ට තීරණ ගැනීමේ වැඩි බලයක් හිමිවන බවත් එය සාමාන්‍ය දෙයක් විය හැකි බවත් ඔහු එහිදී සඳහන් කර තිබේ.
ඔහුගේ අදහස් ගායක ෂාන් සහ ගීත රචක ජාවෙඩ් අක්තාර් ඇතුළු බොලිවුඩ් කලාකරුවන්ගෙන් විවේචනයට ලක් වූ අතර, ඔවුන් පැවසුවේ රහ්මාන්ගේ එම ප්‍රකාශ සඳහා පැහැදිලි සාක්ෂි නොමැති බවයි.
එම චෝදනා වැරදි නිරූපණයක් ලෙස ද හඳුන්වා දී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart