
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ඔක්තෝබර් 8 වැනිදා පැවැත්වීමට නියමිත නමුත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ ප්‍රකාශ කළේ, තමන් ජයග්‍රහණය කළහොත් ඔක්තෝබර් 8 වැනිදා පාර්ලිමේන්තුව නොකැඳවන බවත්, ජනාධිපතිවරණයෙන් අනතුරුව කැඳවන මහමැතිවරණයකින් පසුව පමණක් පාර්ලිමේන්තුව කැඳවන බවත්ය.
මරදන්කඩවල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු කියාසිටියේ, ජාතික ජන බලවේගය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර, මහමැතිවරණයක් පැවැත්වෙන තෙක් මාස එකහමාරක කාලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කරන බවයි.
“පාර්ලිමේන්තුව අවසන් වරට කැදෙව්වේ සැප්තැම්බර් 3. ඒක තමයි මන්ත්‍රීවරුන් 150කට වැඩි පිරිසකට පාර්ලිමේන්තුවේ අවසන් සැසිවාරය. මම දිනුවොත් නියමිත පරිදි ඔක්තෝබර් 8 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැහැ. පාර්ලිමේන්තුව කැඳවන්නේ මහ මැතිවරණයකින් පසුවයි. මේ ඉන්න මන්ත්‍රීවරුන් 150කට වැඩි පිරිසක් නැවත තේරී පත්වන්නේ නැහැ. තුනෙන් දෙකක බහුතර බලයක් එක්ක ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටුවනවා” යැයි අනුර දිසානායක සඳහන් කළේය.
සිය ජයග්‍රහණය ගැන විපක්ෂ කඳවුර දැඩි කෝපයෙන් පසුවන බව පැවසූ අනුර දිසානායක, ඔවුන් දැන් තම පරාජයෙන් ගැලවී යන්නේ කෙසේදැයි සැලසුම් කරමින් සිටින බවද කීවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart