
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නොගෙවූ විදුලි බිල්පත් හා තමා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
එම විදුලි බිල නොගවන්නේ නම් විදුලිබල මණ්ඩලය විසින් තමාට ඉල්ලීම් ලිපියක් එවිය යුතු බවත්, තමාට හෝ තම පියාට එවැනි කිසිදු ලිපියක් හෝ බිල්පතක් ලැබීනොමැති බවත්, ඔහු පවසයි.
තම නම සහ තොරතුරු ඇතුළත් විදුලිබල මණ්ඩල බිල්පතක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, ඒ පිළිබඳව ප්‍රමුඛතාවයක් ලෙස තමාට සොයාබැලීමට සිදුවන බවයි.
විදුලිබල මණ්ඩලය විසින් කිසියම් ආකාරයක බිල්පතක් ජනමාධ්‍ය වෙත හෝ මහජනතාව වෙත නිකුත් කර ඇත්නම්, එය සම්පුර්ණයෙන්ම වැරදි ක්‍රියාවක්වන අතර, එය තමාගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන බවද ඔහු සඳහන් කර තිබේ.
එමෙන්ම එවැනි ක්‍රියාවලට තමන් පියවර ගන්නා බවත්, එවැනි තොරතුරු සාමාන්‍ය ජනතාවට ප්‍රකාශ කිරීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart