
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය ඉදිරිපිටදී තමන්ට පහරදුන් බවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චූනා රාමනාදන් චෝදනා කිරීමත් සමඟ අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
අද සවස පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර රීති ප්‍රශ්නයක් මතු කරමින් රාමනාදන් මන්ත්‍රීවරයා කියාසිටියේ තමන්ට පහර දුන්නේ සුජිත් නැමැත්තෙකු බවයි.
“සුජිත් නැමැත්තා මට පහර දුන් අවස්ථාවේ මම විපක්ෂ නායක කාර්යාලයට ගියේ මට වෙන් කළ වෙලාව ගැනඅහන්න. ඒ වෙලාවේ සුජිත් කියන කෙනා මට පහරදුන්නා. පාර්ලිමේන්තුව ඇතුළේ මෙහෙම වෙනවා නම් අපි කොහොමද පාරට බහින්නේ?” යැයි රාමනාදන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස මන්ත්‍රීවරයාට මූලාසනය එහිදී දැනුම්දුන්නේය.
එම චෝදනාවට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියාසිටියේ රාමනාදන් මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයේදී නුසුදුසු ලෙස හැසිරුණු බවයි.
“යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රීවරයා නොසැලකිලිමත් ලෙස හැසිරුණා. කුණුහරුප කිව්වා. මේ සිද්ධිය ගැන සොයා බැලිය යුතුයි” යැයි නලින් බණ්ඩාර කීවේය.
මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත්, රාමනාදන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ වෙනත් ස්ථානයක අසුන් ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද මන්ත්‍රී නලින් බණ්ඩාර ඉල්ලා සිටියේය.
මේ අතර රාමනාදන් මන්ත්‍රීවරයාගේ චෝදනාව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය ප්‍රතික්ෂේප කළේ, එවැන්නක් සිදු නොවූ බව පවසමිනි.
“මම ඔහුට පහර දුන්නා කියලා ඔහු බරපතළ චෝදනාවක් කරනවා. එහෙම කිසිම සිදුවීමක් වුණේ නැහැ.” සංජය මන්ත්‍රීවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart