
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමාට දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බව හිටපු ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළේ, ආන්දෝලනාත්මක දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සහ සිම්බාබ්වේ දේවගැති යූබර්ට් ඒන්ජල් සමඟ සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ලවුවද, තමා අගමැතිව සිටියදී ජෙරොම් දේවගැතිවරයාගේ කාර්යාලය විසින් හමුවීමක් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔවුන්ව එක් අවස්ථාවකදී පමණක් හමුවූ බවයි.
ජෙරොම් දේවගැතිවරයා විසින් ආගම්වලට එරෙහිව සිදු කරන ලද අවමන් සහගත ප්‍රකාශ තවදුරටත් හෙළා දකින රාජපක්ෂ තවදුරටත් කියා සිටියේ මේ රටේ ජාතිවාදී අසමගියකට හෝ වෛරයකට ඉඩක් නොමැති බවයි.
“ශ්‍රී ලංකාව තුළ ජාතිවාදී අසමගිය ඇති කිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයකු විසින් කරන ලද ප්‍රකාශයන් මම තරයේ හෙළා දකිනවා. විශේෂයෙන් අපි ජාතියක් ලෙස සමගිය ඇති කිරීමට සහ සියලු බෙදීම් අවසන් කිරීමට දැඩි ලෙස සටන් කමින් සිටින අවස්ථාවක” හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
“සිම්බාබ්වේ දේවගැති යූබර්ට් ඒන්ජල් හෝ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සමඟ මට කිසිදු සම්බන්ධයක් නැත, නමුත් මට මතකයි මම අගමැතිව සිටියදී මාව හමුවන ලෙස දේවගැති ජෙරොම්ගේ කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණා” ඔහු වැඩිදුරටත් පැවසීය.
එම කාලය තුළ තමා ආගමික කටයුතු ඇමැතිවරයා ලෙස ද කටයුතු කළ නිසා, දේවගැති ජෙරොම්ගේ කාර්යාලය අගමැති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් රැස්වීමක් ඉල්ලා සිටි බවත්, තමා ඊට එකඟ වූ බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
එය සුහද හමුවක් වූ අතර එහිදී දේවගැතිවරුන් දෙදෙනාම මා සහ මගේ බිරිඳ සමඟ කුඩා යාඥා රැස්වීමක් පැවැත්වූවා. එය නිල රැස්වීමක් වූ බැවින් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කළා. මට දේවගැති ජෙරොම් සහ යූබර්ට් ඒන්ජල් හමු වී ඇත්තේ එම අවස්ථාවේදී පමණයි. ඔවුන් සමඟ වෙනත් කිසිදු රැස්වීමක් පවත්වා නැහැ. ඔවුන් සමඟ මට පෞද්ගලික සම්බන්ධතාවකුත් නැහැ” යැයි හිටපු ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
(Daily mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart