
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති කිසිදු චෝදනාවකට තමන් වරදකරු නොවන බව නිකොලස් මෙදුරෝ ජනාධිපතිවරයා පවසයි.
ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ (05) මෙරට වේලාවෙන් රාත්‍රී 10.30ට පමණ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දිස්ත්‍රික් අධිකරණය හමුවට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
ජනාධිපතිවරයා සහ ඔහුගේ ආර්යාව බන්ධනාගාර ඇඳුම් කට්ටල වලින් සැරසී සිටියේය.
තමන් තවදුරටත්, වෙනිසියුලාවේ ජනාධිපතිවරයා බවත්, තමන් නිර්දෝෂී පුද්ගලයෙකු බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටි බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
ජනාධිපති ආර්යාව වන සීලියා ෆ්ලෝරස්ද ඇයට එල්ල වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ආයුධ චෝදනා සම්බන්ධයෙන් තමන් වරදකරු නොවන බව ප්‍රකාශ කර ඇත.
කෙසේනමුත් වෙනිසියුලාවේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ බිරිඳ ඇප ඉල්ලීමක් ඉදිරිපත් නොකළ බවද විදෙස් වාර්තා වල සඳහන්ය.
දෙපාර්ශවයේ කරුණු දැක්වීමෙන් අනතුරුව ලබන මාර්තු 17 වැනිදා නඩුව යළි විභාගයට ගැනීමට, 92 හැවිරිදි දිස්ත්‍රික් විනිසුරු ඇල්වින් හෙලර්-ස්ටයින් නියෝග කරන ලදි.
විකිලීක්ස් නිර්මාතෘ, ජුලියන් අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බැරී ජොයෙල් පොලැක් මෙවර, නිකොලස් මදුරෝ ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත්ව සිටී.
මේ අතර විනාඩි 40ක පමණ කාලයක් පැවති නඩු විභාගය අවසානයේදී, අධිකරණ සංකීර්ණයේ සිටි එක පුද්ගලයෙකු, ස්පාඤ්ඤ බසින් නිකොලස් මදුරෝට බැන වැදුණු බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
ඒ, වෙනිසියුලානු ජනාධිපතිවරයා සිදුකර ඇති විපත් වලට ඔහු වන්දි ගෙවනු ඇති බවට හඬ නගමින්ය.
කෙසේ නමුත් වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ ඊට ප්‍රතිචාර දක්වමින් තමන් පැහැරගැනීමට ලක්වූ ජනාධිපතිවරයෙකු බවටත් දැන් යුධ සිරකරුවෙකු බවට පත්ව ඇති බවටත් පිළිතුරු ලබා දුන් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
වෙනිසියුලානු ජනාධිපතිවරයාට සහයෝගය දක්වන මෙන්ම, විරෝධය දක්වන පුද්ගලයින් සිය ගණනක් අධිකරණ පරිශ්‍රය ආසන්නයට රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart