
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එක්සත් ජනපදයේ විදුලි සහ දෙමුහුන් වාහන 145,235ක් පමණ ආපසු කැඳවීමට දකුණු කොරියානු මෝටර් රථ නිෂ්පාදකයකු වන Hyundai විසින් කටයුතු කර ඇතැයි අමෙරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය පවසයි.
මෙම ආපසු කැඳවීමට අයත් වන්නේ IONIQ 5 සහ IONIQ 6 මාදිලියේ විදුලි වාහන ඇතුළු තෝරාගත් මාදිලිවල මෙන්ම 2022-2025 වසරවල සිට විද්‍යුත්කරණය කළ Genesis GV60, Genesis GV70 සහ Genesis G80 ප්‍රභේදවල වාහනයි.
මෙම වාහනවල ඒකාබද්ධ ආරෝපණ පාලන ඒකකවලට හානි සිදුව තිබීමට ඇති ඉඩකඩ නිසා වෝල්ට් 12 බැටරියේ ආරෝපණය නැවැත්වීමට සහ ධාවකයේ බලය අහිමි වීමට හේතු විය හැකි බව අමෙරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය පෙන්වා දී ඇත.
බලපෑමට ලක් වූ උපාංගවල මෘදුකාංග සහ ෆියුස් මෝටර් රථ හිමියන්ට කිසිදු වියදමක් නොමැතිව අලෙවිකරුවන් විසින් පරීක්ෂා කිරීම, ප්‍රතිස්ථාපනය කිරීම සහ යාවත්කාලීන කිරීම සිදු කරන බව Hyundai නිවේදනය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart