
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මසක නිරෝධායන කාලයකින් පසු මෙරටට අලුතින් ලබාගත් විශාලතම මීයන් විශේෂයක්වන කැපිබරාස් (capybaras) යුවල දෙකක් පින්නවල සත්වෝද්‍යානයේ සහ දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රදර්ශනය කිරීමට සත්වෝද්‍යාන බලධාරීන් සැලසුම් කර ඇති බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත පවසයි.
කැපිබරාස් වඩාත් මිත්‍රශීලී සතුන් ලෙස සැළකෙන බැවින් පින්නවල සත්වෝද්‍යානයේ එක් යුවලක් තබා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇතැයි ඔහු සඳහන් කරයි.
ඉන්දියාව සමඟ සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ මෙම සතුන් ලබාගෙන ඇත.
පළමුව ඔවුන්ව මෙරටට හුරු කර තවත් සතුන් බෝ කිරීමට උත්සාහ කරන බව හෙතෙම පවසයි.
කැපිබරාස් (Hydrochoerus hydrochaeris) යනු ගිනි පිග්ස් (guinea pigs) මීයන් විශේෂයකි.
එමෙන්ම ඔවුන් අර්ධ ජලජවන අතර, ජලය අවට ජීවත් වීමට ප්‍රියකරන බව ඔහු සඳහන් කරයි.
කැපිබරාස් විශිෂ්ට පිහිනුම් ක්‍රීඩකයන් වන අතර, දිය යට මිනිත්තු 05ක් පමණ හුස්ම රඳවා තබා ගත හැකි බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
කැපිබරාස් 10 සිට 40 දක්වා කණ්ඩායම් වශයෙන් ජීවත් වේ.
මෙම සතුන් ශාකභක්ෂකයන්වන අතර, ඔවුන්ගේ ආහාර ජලජ ශාක, තෘණ සහ පළතුරු වලින් සමන්විත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart